හමුදාව සහ විනය පිලිබදව දාර්ශනික විමසුමක්…….

මෙය දාර්ශනික හැදින්වීමක් පමණකි

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච හින්ද  සහ මේ දවස් වල මම දැක්ක දේවල් වලට අනුව මේ වගේ දෙයක් කියන්න හිතුන…. සමහර දේවල් මේ යුද්ද හමුදාවට පරස්පරව ඇති කියල මට හිතෙනව ඒත් මේ සිද්ධි දාමය දිගින් දිගටම සිදුවෙද්දී එයින් ඇතිවන ඛේදවාචකය….. සමාවෙන්න කියෙව්ව හොදටම වැඩියි…………..

-Kony-2012--007

සරසවි ප්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටින උසස් පෙළ සමතුන්හට නව මාදිලියේ පුහුණුවක් ලබා දීමට ක්‍රියාකිරීම මගින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය තවත් අර්බුදයක් නිර්මාණය කොට තිබේ. එම පුහුණුව නායකත්ව පුහුණුව නමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හැඳින්වුව ද පොදුවේ එය හඳුන්වනු ලබන්නේ හමුදා පුහුණුව ලෙසිනි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ උපාධිධාරීන්හට නිසි විනයක් නොමැති බැවින් අළුතින් සරසවියට ඇතුළුවන සිසුන් විනය ගැන්වීමටත්, නිසි හැසිරීම් ඉගැන්වීමටත්, ඔවුන්හට නායකත්ව හැකියාවන් ලබා දීමටත් අත්‍යවශ්‍ය වන බවය. හමුදා භටයන් විනය ගරුක පිරිසක් බැව් පවසමින් සරසවි ප්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටින සිසුන් හමුදා බැරැක්ක තුළ දමා එම පුහුණුව ලබා දීම මැනවයි ආණ්ඩුව තර්ක කරයි. මෙම පුහුණු වැඩසටහන මගින් ගැටළු රැසක් නිර්මාණය කරනු ලබන බැවින් එය පැති කීපයක් ඔස්සේ විශ්ලෙෂණය කොට එමගින් උද්ගත කරනු ලබන අර්බුද සහ උසස් අධ්‍යාපනයට අත්වන ඉරණම මහජනතාවට පෙන්වා දීම අපගේ යුතුකමකි.
පළමුව අප විමසා බැලිය යුත්තේ මෙම පුහුණුව අවශ්‍යද යන්නයි. සිවිල් පුරවැසියන් පිරිසක් තෝරාගෙන ඔවුන්හට යුද හමුදා ආකල්ප සහ විනය ලබා දීමට ක්‍රියා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. සමාජයක් වෙහෙස දැරිය යුත්තේ යුද හමුදා මානසිකත්වයෙන් මිදී නිදහස් සිවිල් සමාජයක් ලෙස සංවර්ධනය වීමටය. සිවිල් සමාජයේ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු පැනනගින විට පමණක් හමුදාවල සේවය අවශ්‍යවේ. යුද හමුදාව පුහුණු කර ඇත්තේ අණට කීකරු යස් සර්, නෝ සර්, ඕකේ සර් යන උප සංස්කෘතිය පිළිපදින පිරිසක් ලෙස විනා නිදහස් චින්තනයක් දරණ පිරිසක් ලෙස නොවේ. එහෙත් විශ්ව විද්‍යලවලට අවශ්‍යවන්නේ ඇයි, මොකක්ද, කොහෙද, කොහොමද, කව්ද යනුවෙන් සියළුදේ පිළිබඳව ප්‍රශ්න කරන, විමසා බලන, හාරා අවුස්සන, එකගවන, එකග නොවන, ස්වාධීන මත දරණ, විචාරශීලී මිනිසුන් කොට්ඨාසයකි. විශ්ව විද්‍යාලවලින් බිහිකළ යුතු වන්නේ ද එවැනි උපාධිධාරීන් පිරිසකි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය වඩාත් නිදහස් වන පරිදි විවෘත කරනු ලැබුවේ යස් සර්, නෝ සර්, ඕකේ සර් යනුවෙන් පවසන අනුගාමිකයන් පිරිසක් බිහිකිරීම පිණිස නොව තාර්කික, බුද්ධිමත්, විචාරශීලී නායකයන් මිනිසුන් බිහිකිරීම පිණිසය.

යුදහමුදාව යනු ආකෘතික වශයෙන්ම අනුගාමිකයන්ගෙන් සැදුම් ලත් දැඩි නීති රීති පද්ධතියකට යටත් ආයතනයකි. එබැවින් එය සිවිල් ආයතනයක් නොවේ. සිවිල් සමාජයට හමුදාවෙන් ඉගෙන ගතයුතු පාඩමක් නැත. එය උප සංස්කෘතියක් පමණි. යුද හමුදාවට සිවිල් සමාජයෙන් උගත යුතු පාඩම් බොහෝය. හමුදා භටයන්හට සිවිල් සමාජයේ විවිධ පැතිකඩ ගැන ඔවුන්ගේ අවබෝධය වර්ධනය කර ගැනීමට දේශකයන් ගෙන්වා දේශන පවත්වන අවස්ථා තිබේ. අනෙක් අතට හමුදාව විනය අතින් අගතැන්පත් ආයතනයක් ලෙස පැවසීම යුක්ති සහගත නැත. මක් නිසාද යත් ඇතැම් හමුදා නිළධාරීන් හා සෙබළුන් පහරදීම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් යනාදියට තදබල ලෙස සම්බන්ධ බවට ජන මාධ්‍ය ඔස්සේ දිනපතා වාර්තා වීමයි. මෙම පුහුණු වැඩ සටහන ආරම්භ කරන ලද දිනයේම හමුදා භටයන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට මහ මග දී පහර දුන් බවට වාර්තාවිය. එතෙක් මෙතෙක් අප රටේ බිහිවූ ඉහළම පන්තියේ හමුදාපති ද විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිරගත කරනු ලැබ තිබේ. හුමුදාව ඒ තරමටම විනය ගරුක නම් මිලිටරි පොලිසියක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් ද නැත. ඒ අනුව සිවිල් සමාජයට හමුදාවෙන් උගතමනා විනයක් නැත්තේය. හමුදා විනය සිවිල් සමාජයට ආරෝපණය කළහොත් සිවිල් සමාජයක් නැතිව යන්නේය.

දෙවැනුව, රටවැසියන් 22,000ක් මේ පුහුණුවෙන් පසු නායකයන් බවට පත්වේ. නායකත්ව න්‍යායන් රැසක් තිබුණ ද අප තරයේම විශ්වාස කරන්නේ නායකත්වය අවස්ථාවෝචිත සංසිද්ධියක් මිස සැලසුම්ගත කටයුත්තක් නොවන බවය. යුද හමුදාවේ නායකත්ව තනතුරුවලට පත්වීමේ ක්‍රමවේදය සිවිල් සමාජයේ පුද්ගලයකු නායකත්වයට පත්වීමේ ක්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස්ය. සිවිල් සමාජයේ නායකයා තෝරාගනු ලබන්නේ අනුගාමිකයන්ගේ විශ්වාසය මත ය. නායකත්වය යනු බලවතකු විසින් උඩින් ගෙනවිත් දෙන දෙයක් නොවේ. අනෙක් අතට සමාජයකයට නායකයන් විශාල පිරිසක් අවශ්‍ය වන්නේ ද නැත. නායකයන් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන ගැටළුව ද තිබේ. නායකත්වය ගෙන ක්‍රියා කිරීමට සුදුසු පුද්ගලයන් සෑම කලකම සිටී. සමාජ අවශ්‍යතාවන්ගේ ස්වභාවය අනුව සුදුසු නායකයන් ඉබේ මෙන් මතුවේ. ඔවුන් සතු ගුණාංග අධ්‍යයනය කොට ඒවා නායකත්ව ලක්‍ෂණ නමින් පොත්පත්වල සඳහන් කරනු ලැබේ. ඒවා කටපාඩම් කිරීමෙන් හෝ සරඹ කිරීමට පුහුණුවීමෙන් නායකයන් බිහිවන්නේ නැත. නායකයන් බහුල වූ කල නායකත්ව පොරය හටගෙන සිවිල් සමාජය අවුල්වේ.

රූපවාහිනී මාධ්‍යයට පැමිණි හමුදා නිළධාරියකු මෙම නායකත්ව පුහුණුව පිළිබඳ විස්තර කරන විට හැඳි ගෑරොප්පු පාවිච්චිය, කමිස කලිසම් මැච් කිරීම, ටයිපටි පැළඳීම, පාවහන් පැළඳීම යනාදී කාරණා සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදෙන බැව් ඔහු පැවසීය. අප අඳුරේ අතපත ගෑ යුතු නැත. උපාධියක් ලබාගෙන රැකියාවක් සොයාගැනීමේ පරමාර්ථයෙන් පැමිණෙන දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගෙන් අප විශ්ව විද්‍යාල පිරී පවතී. ඔවුහු සරසවියේ ආපන ශාලාවලින් දුප්පත් කෑම කා දුෂ්පොෂිත වෙති. කමීස කලිසම් හිගය පිරිමසා ගැනීමට ඒවා ගජේ ගසති. අවුරු තුනක් හතරක් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ ජීවත්වීමෙන් පසු ඔවුහු සිවිල් සමාජට එක්වෙති. අප සමාජයේ නායකත්වය හොබවන බහුතරය උපාධිධාරීහු වෙති. එසේ නම් ඔවුන්හට අමුතුවෙන් නායකත්වය පුහුණු කරන්නේ කුමකට ද? උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින ඉහළම නායකයන් තුන් දෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙක් සිර දඬුවම් ලැබූවන්ය. අනෙක් නායකයා රැකියාවෙන් නෙරපන ලද තැනත්තෙකි. නායකයන් වීම සඳහා ඔවුන් හමුදා කඳවුරු තුළ පුහුණුව ලබා විනීත වූයේ ද නැත. පුද්ගල විනය සහ නායකත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැව් ඔවුන් විසින් ඔප්පුකොට ඇත්තේය. සෑම සමාජයකටම අත්‍යවශ්‍ය වන්නේ බුද්ධිමත් අනුගාමිකයන් පිරිසකි. බුද්ධිමත් අනුගාමිකයන් නොමැති රටවල මෝඩ නායකයන් බිහිවේ. මෝඩ නායකයෝ මෝඩ අනුගාමිකයන් තළා පෙළා බලයේ සිටිති, රටේ සම්පත් කොල්ල කති, නීතිය අතට ගනිති, බුද්ධිමතුන්හට අවමන් කරති, අනාගත නායකයන්ට කාලකන්නියා කියති. අප රටට අවශ්‍යව ඇත්තේ නායකයන් නොව බුද්ධිමත් පුරවැසියන් පිරිසකි

ඇත්තටම මේ ගැන කල්පනා කිරීම සහ තීරනය කිරීම ඔබටයි………ස්තූතියි………

උපුටා ගන්නා ලද්දේ කැලනිය සරසවි මහචාර්ය වරයෙකුගේ ලිපියකිනි……..

අපේ කාලයේ අමනුස්ස පාහරයෝ සහ සංකර මාරැවෙන්නෝ

anjing mabukඉතිං මම කලින් නවත්තපු තැන ඉදන් පටන් ගත්තොත් මුංගෙ කන් වලට ඇහෙයි කියල මම හිතනව. අනන් මනන් ඕනෙ නෑ මෙන්න මෙහෙමයි උනෙ….මම මේ වේරහැර ගාවගත්තෙ අපෙ ගෙදර එහෙ හින්ද…

ඉතින් මෙහෙමයි ඒකාදිපතියො කිහිපදෙනෙක් මාලිගාවක් හදන්න තීර්නය කලා.පස්සෙ මේකට ගඩොල් සහ අනෙක් දේවල් ඔක්කොම හොයාගත්තත් වැලි මදි වුනා. ඊට පස්සෙ තැබෑරැම් බාප්පගෙ තැබෑරැමට කට්ටිය සෙටිවෙලා කතා කලා. ඒ කතාකරගත්තු හැටියට වැලි ගේන්න හින්දු කුෂ් ගගට යන්න තීර්නය කරගත්ත. ඉතින් මේකට හොදට පොඩි කාලෙ ඉදන් කෝම්පිට්ටු සදල හුරැ අපේ භාෂාවෙන් හොද හරක්අගවල් දෙකක් සෙට්කර ගත්ත. ඉතින් අපි ගමන යන්න හොද ජෙට් එකක් අපේ කිරිගොරිස් අප්පුලාගේ ගෙදරින් ඉල්ලා ගතතා.

මට නාන්න යනන තියෙනව කතාවෙ ඉතුරැටික මම පස්සෙ කියන්නම්…………….

……….. බැජ් එකෙන් කීහිපයක්

011220121762

 

මේ බඩගිනි වෙලා කන්න ඔන්න මෙන්න කියල ගත්ත pic එකක් මනමාල හිනාව……

011220121761

 

එහා පැත්තෙන් ඉන්නෙ හොද මල්ලව පොර සුරයෙක් …ටී ෂර්ට් එකක් දාගෙන ඉන්නෙ සුපිරි වාදකයෙක් වගේම පැය 24ම ඇහැරල හොදට කාල ලගදි ටිකක් ඇග හදා ගත්තු …max a……

 

මෙහෙම වතුර නැති ජීවිතයක් ගැන.. දැනගන්න යමක්

Image

සමහර දේවල් තියෙනව කියන්නත් මොකක්ද වගේ …. ඒත් ඉතින් ගොඩක් දවසකින් බොලොග් එකට මොකවත් නොලීව හින්දම මම අද කියන්න යන්නෙ ලංකාවෙ සමහර ආයතන වල සමහර පුද්ගලයින් වැඩකරන විදිහ සහ එයින් අනෙක් දහස් ගානක් පුද්ගලයින් විදින දුක ගැන…. ඇත්තම කියනවනම් මේක හිට්ලර් යටතේ ඉන්න යුදෙව්වො වාගේ කතාවක්…. හරි මේ ගැන විස්තර මම පස්සෙ ලියන්නම් දැන් කන්න යන වේලාව…..

නිදහස් දේශයක්

ගොඩක් කාලෙකින් මම හිතුව බ්ලොග් එකට මොනවා හරි ලියන්න ඒ හින්ද මට හිතුම මේ ලංකාවේ පය ගහල ඉන්න අපේ නිදහස් කියලා කියන්නේ මොකක්ද? කියල මට අද නෙවේ හැමදාමත් කියන්න හිතෙන දෙයක්….

අපේ slamc ඉතිහාසයෙන් බිඳක්

පින්තූරය

ඇත්තටම  මේ ඉතිහාසය දිහා හැරිලා බැලුවොත් අපට ප්‍රයෝජනවත් වෙන ගොඩක් දේවල් ගන්න පුලුහන්ද? මේකට කෙටිම පිළිතුරක් විධිහට yes කියන්න පුළුවන් මට හිතුන.